Mekong ගඟේ 125 වන ඒකාබද්ධ මුර සංචාර සහ නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම ආරම්භ කෙරේ
2023-01-16 09:23:58
Share with:
චීනය-ලාඕසය-මියන්මාරය-තායිලන්තය යන රටවල් සම්බන්ධ වන Mekong ගඟේ 125 වන ඒකාබද්ධ මුර සංචාර සහ නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම ආරම්භ කෙරේ. 2023 වසරේ දී Mekong ගඟේ ක්‍රියාත්මක වන චීනය-ලාඕසය-මියන්මාරය-තායිලන්තය ඒකාබද්ධ මුර සංචාර සහ නීතිය කිරීමේ පළමු මෙහෙයුම මෙයයි.
මෙවර මෙහෙයුමට සහභාගී වූ චීනයේ යාත්‍රික බෝට්ටු දෙකක් ඊයේ (15) Yunnan පළාතේ Xishuangbanna Dai ස්වයං පාලන ප්‍රාන්තයේ Jingha තොටුපළෙන් ගමන් ආරම්භ කර තිබේ. මෙවර මෙහෙයුම දිවා 4ක් සහ රාත්‍රී 3ක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර සම්පූර්ණ මුහුදු ගමන කිලෝමීටර 500කට වඩා වැඩිය.