බුද්ධිමය දේපළ හිමිකම් සුරැකීමට තවදුරටත් කැපවන බව චීනය කියයි
2023-01-16 14:09:25
Share with:

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරැකීමේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරන බව චීනය පවසයි.

චීනයේ රාජ්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය, ඉකුත් වසරේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ කාර්යභාරය  විග්‍රහ කිරීම සඳහා අද (16) මාධ්‍ය හමුවක් පැවැත්වීය.

රාජ්‍ය බුද්ධිමය දේපළ කාර්යාලයේ, බුද්ධිමය දේපළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Zhang Zhicheng එහිදී කියා සිටියේ, චීන රජය සෑමවිටම දේශීය මෙන්ම විදේශීය සමාගම්වල බුද්ධිමය දේපළ අයිතිය එකසේ ආරක්ෂා කරන බවයි.

රාජ්‍ය බුද්ධිමය දේපළ කාර්යාලය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම, එම ආරක්ෂණයේ සඵලතාව වැඩිදියුණු කිරීම සහ වෙළඳපොළකරණය, නීතිය මත පදනම් වූ ජාත්‍යන්තරකරණය සඳහා වන ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය  කිරීම උදෙසා පියවර ගන්නා බව ද  Zhang Zhicheng පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම