ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවලදී චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගත යුතු බවට ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්
2023-01-16 16:51:48
Share with:

ඊජිප්තු ජනාධිපති Abdel-Fattah al-Sisi  මහතා ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවලදී චීන- ඊජිප්තු සබඳතා ශක්තිමත් කරන ලෙසත්, අරාබි-චීන සහ අප්‍රිකා-චීන සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නුවර සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

චීනය ශ්‍රේෂ්ඨ රටක් වන අතර එහි සංවර්ධනය කිසිදා නවතා දැමිය නොහැකිය.සෑම විටම ඊජිප්තුව එකම චීනය මූලධර්මය දැඩි ලෙස පිළිපදින බවත්, විවිධ බාහිර බලවේග චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිබඳව තමන් දැඩි ලෙස විරුද්ධ වන බවත් හෙතෙම අවධාරණය කළේය.

කොවිඩ්-19 වැළැක්වීමේ සහ පාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊජිප්තු ජනාධිපතිවරයා පැවසුවේ චීනයේ මෑත කාලීන වසංගත ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය සහ සාර්ථක ගැලපීම් අනුව, චීන ජනතාව තම රටට උණුසුම් ලෙස පිළි ගන්නා බවයි. 

දෙරටේ රාජ්‍ය නායකයින් අතර ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසයක් පවත්වා ගෙන යන බවත්, එය චීනය සහ ඊජිප්තුව අතර ඇති විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වර්ධනයට ප්‍රබල ශක්තියක් ලබා දෙන බවත්  චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම