චීනයට එරෙහි බටහිර ඒකාධිකාරී මාධ්‍යන්හි විවේචන බුද්ධිමත් මනසකින් විග්‍රහ කරගත යුතුයි
2023-01-16 09:26:49
Share with:

ලෝක ආර්ථිකයේ විශාල බලයක් සහිත රටක් වන චීනය කොරොනා වසංගත සමයේ ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය හේතුවෙන් රට තුළ වසංගත පාලනයට විශාල පිටුබලයක් ලැබිණ. එන්නත් පහසුකම් සේම අනෙකුත් සෞඛ්‍ය ආධාර සඳහා චීනයේ නොමසුරු සහාය හිමි විය. අනෙකුත් රටවලට කොරොනා පාලනයට අත හිත දුන් චීනය තම රට තුළ ඉතා සූක්ෂම ලෙස වසර 3ක ඇවෑමෙන් කොවිඩ් අවධානම අවම කිරීමට සමත්ව තිබේ. වර්තමානය වන විට බිලියනයකට වැඩි ජනතාවක් වෙසෙන චීනය තුළ කොවිඩ් පාලනය සඳහා චීනය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව ප්‍රවීණ දේශක සහ ආචාර්යවරයෙකු වන තිළිණ සම්පත් සේනානායක මහතා කියා සිටී.

රටේ ආර්ථිකයට වන අවධානම පවා නොතකා චීනය වසර 3ක් පුරා දැඩි වසංගත පාලන නීති මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණ. අනෙකුත් බටහිර රටවල් කොරොනා නීති ලිහිල් කොට ආර්ථිකය පිළිබඳව පමණක් අවධානය යොමු කරන අයුරු අපට දැක ගැනීමට හැකි විය. වසංගතයේ ප්‍රබලත්වය ක්‍රමයෙන් ලිහිල් වීමත් සමග චීනය කොවිඩ් පාලන නීති රීති අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග බටහිර රටවල විවේචනයට ලක්ව තිබෙන බව පෙන්වා තිබේ. ඒකාධිකාරී දේශපාලන හස්තයන් මගින් බටහිර මාධ්‍ය හසුරවන අතර, වසංගත පාලන ක්‍රියා පටිපාටිය පිළිබඳ එම මාධ්‍ය තුළ චීනයට එරෙහි මතයක් ගොඩනගන අයුරු දැක ගත හැකි බව ද තිළිණ සේනානායක මහතා පැවසීය.

ලොව ධනවත්ම රටවලට පවා භාණ්ඩ බහුතරයක් නිෂ්පාදනය කරන චීනය අඛණ්ඩව සිය ආර්ථිකය කෙරෙහි අවධානය පසුගිය වසර කීපයේ පවා රැක ගැනීමට සමත් විය. බොහෝ බටහිර රටවල් ආර්ථික උද්ධමනය හමුවේ පසුබසින විට පවා ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීමට චීනය බෙහෙවින් කැපවෙමින් සිය නිෂ්පාදන ඉහළ නංවා තිබේ. එබැවින් බටහිර මාධ්‍ය ඒකාධිකාරය තුළ කොයි අකාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණය කෙරුණද පුළුල් මනසකින් මේ සියල්ල විග්‍රහ කිරීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතු බව සේනානායක මහතා කියා සිටී. කොරොනා වසංගතය සම්පූර්ණයෙන් තුරන් නොකළ, තවමත් එයින් පීඩා විඳින බටහිර රටවල් චීනය පමණක් හුදෙකලා කොට විවේචනය කිරීම කිසිසේත් බුද්ධිමත් ජනතාව අනුමත නොකරන බවද තිළිණ සම්පත් සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම