චීන අරාබි රාජ්‍ය සමුළුවේ ප්‍රතිඵල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය
2023-01-16 15:29:26
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා සහ අරාබි ලීගයේ මහලේකම් Ahmed Aboul Gheit මහතා පළමු චීන අරාබි රාජ්‍ය සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට එකඟතාව පළ කරති. හමුව ඊයේ(15) ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති රැස්වීමේදී සිදු කෙරිණ. 

පසුගිය මාසයේ සමුළුව සාර්ථකව කැඳවීම නව යුගයේ චීන-අරාබි සබඳතා වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් බව Qin Gang මහතා එහිදී සඳහන් කළේය. චීන අරාබි මිත්‍රත්වයේ ආත්මය තුළ සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීමට සහ දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි සමුළුව මගින් ‍යෝජනා කර ඇති ප්‍රධාන සහයෝගතා මුලපිරීම් අට ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Qin Gang මහතා පැවසීය.

පළමු චීන අරාබි රාජ්‍ය සමුළුව සම්පූර්ණයෙන්ම සාර්ථක වූ බවත්, සමුළුවේ සම්මුතිය, ඵලදායී හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා චීන පාර්ශ්වයෙන් ලැබෙන දායකත්වය අගය කරන බවත් අරාබි ලීගයේ මහලේකම් Ahmed Aboul Gheit මහතා එහිදී සඳහන් කළේය. ප්‍රධාන සහයෝගතා අට ක්‍රියාත්මක කිරීමේදී එකින් එක ඉදිරියට සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් චීනය සමග සන්නිවේදනය ශක්තිමත් කිරීමට සූදානම් බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම