වසංගත පාලනය පිළිබඳ තාක්ෂණ සහයෝගිතාව චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව පුළුල් කරති
2023-01-16 17:04:31
Share with:

චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත පාලනය පිළිබඳ තාක්ෂණ සහයෝගිතාව අඛණ්ඩව පුළුල් කරති.

නව කොරොනා වසංගතය මතු වී වසර තුන තුළ නොකඩවා චීනය ජනතාව හා ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අතර ජාත්‍යන්තර වසංගත පාලනයට වැදගත් දායකත්වයක් ලබා දෙන බව චීන සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක Mi Feng මහතා අද (16) නිල මාධ්‍ය හමුවකදී පැවසීය. 

පසුගිය 14 වැනිදා එම කොමිසමේ අධ්‍යක්ෂ Ma Xiaowei මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා, වත්මන් වසංගත පාලන කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කිරීමට දුරකථන සංවාදයක නිරත වූහ. වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු චීනය නිල මාධ්‍ය හමුවලින් නිකුත් කිරීම සහ විවිධ ආසාදිතයින්ට වෛද්‍ය සහයන් ශක්තිමත් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී ප්‍රශංසා පළ කළේ ය. ගෝලීය සනීපාරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා, වසංගත පාලනය පිළිබඳ තාක්ෂණ සහයෝගිතාව අඛණ්ඩව පුළුල් කිරීමට එහිදී ද්විපාර්ශ්වික එකඟතාවකට එළඹී ඇත. 


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම