දුම්රිය සේවයට නව සේවකයින් 3,000ක් බඳවා ගැනීමට සැලසුම්
2023-01-16 15:55:09
Share with:

දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සඳහා මේ වන විටත් සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට දුම්රිය සේවකයින් 410දෙනෙක් විශ්‍රාම ගොස් ඇති බවත් දීර්ඝ කලකින් සේවකයින් බඳවා ගෙන නොමැති බවත් ඔහු කියා සිටී.

දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති කාර්ය සාධක බළකායේ සේවකයන්ගෙන් 3,000ක් දුම්රිය සේවයට බඳවාගැනීමට නියමිතය. දුම්රිය සේවයේ මෑත කාලීනව සේවකයින් විශ්‍රාම යාම හේතුවෙන් මතු වී ඇති ගැටළු සඳහා පිළියම් ලෙස මෙම පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම