උසස් පෙළ උපකාරක පන්ති 17 වැනිදායින් පසු තහනම්
2023-01-16 15:56:26
Share with:

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ඇරඹීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව 2022 වසරේ උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට(17) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එදිනෙන් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දීම හෝ ඊට සමාන ප්‍රශ්න සපයන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17වැනිදා දක්වා පැවැත්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම