නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා චීන රජය ගත් උත්සාහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට
2023-01-16 20:03:16
Share with:

නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා චීන රජය ගත් උත්සාහයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහල පැසසුමට ලක්වූ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ අද(16) පැවති මාධ්‍ය හමුවේදී, චීන පාර්ශ්වය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා මෑතකදී සිදු කළ දුරකථන සංවාදය පිළිබඳව කරුණු දක්වමිනි. චීනය තම සංවිධානය සමග දිගු කලක් පුරා වසංගත තත්ත්වය පිළිබඳ තාක්ෂණික හුවමාරු පවත්වමින්, අදාල තොරතුරු හා දත්ත බෙදා ගැනීම පිළිබඳව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලය හා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ස්තූතිය පුද කළ බව ද වං වෙන්බින් මහතා කියා සිටියේය.

චීනය පෙර සේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙවරට සහාය වෙමින් ජගත් ප්‍රජාව සමග එක්ව  වසංගතය සමග සටන් කරන බව ඔහු කීය. චීනය නිත්‍යානුකූල, කාලෝචිත, විවෘත හා විනිවිද මූලධර්මයට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් සංවිධාන සමග තොරතුරු බෙදා ගනිමින් වසංගතයට පොදුවේ මුහුණ දීමට කැමැත්තෙන් සිටියි. විවිධ පාර්ශ්වයන්ට විද්‍යාත්මක හා විෂයමූලික ස්ථාවරයක සිට වසංගතය සමග ගෝලීය සටනට දායක වෙමින් චීනයේ වසංගත පාලන කටයුතුවලට ගරුත්වය හා අනුබලය දැක්විය හැකි යැයි අපේක්ෂා කරන බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.   

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම