චීන කොමියුනිස්ට් පක්ෂ නොවන නියෝජිතයින් සමග චීන ජනපති සාකච්ඡා පවත්වයි
2023-01-16 19:22:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා, රටේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයන්හි මධ්‍යම කාරක සභා, ජාතික වාණිජ හා කාර්මික සම්මේලනයේ ප්‍රධානීන් හා නිර්පාක්ෂික නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව අද(16) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්විණ. 

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ මධ්‍යම කාරක සභා හා ජාතික වාණිජ හා කාර්මික සම්මේලනයේ නව නායක මණ්ඩල වෙත සුබ පැතුම් පුද කළ ෂී ජින්පිං මහතා, ඔවුන් සහ නිර්පාක්ෂික මෙන්ම රටේ එක්සත් පෙරමුණට දායක වන සියළු පුද්ගලයින් වෙත වසන්ත උත්සවයේ සුබ පැතුම් ද පිරිනැමුවේය. 

වසර 2023, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණය හදාරමින් අනුගමනය කිරීමේ ආරම්භක වසර වන බවත්, බලාපොරොත්තු මෙන්ම අභියෝග ද පවතින බවත්, ඔහු අවධාරණය කර ඇත. සෑමදෙනාම එම ජීවගුණයට අනුකූලව කටයුතු කරමින් වඩාත් උද්‍යෝගිවත්බවෙන් යුක්තව සිය වගකීම් හා වෘත්තීය යුතුකම් ක්‍රියාත්මක කරනු ඇතැයි ඔහු එහිදී බලාපොරොත්තු පළ කළේය. සමගිය එක්රැස් කරමින් චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය ප්‍රවර්ධනය කිරීමට සිය පක්ෂ සාමාජිකයින් හා සෙසු ජනතාව පෙළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ඔහු එම සාකච්ඡාවට එක්වූවන් වෙත කියා සිටියේය.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම