න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්මට ජපන් ජාතිකයන් බහුතරයකගේ විරෝධය
2023-01-15 15:54:02
Share with:

ජපාන රජය පසුගිය 13වැනිදා ප්‍රකාශ කළේ, මෙම වසන්ත සහ ගිම්හාන කාලයේ දී, Fukushima පළමු න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතිකර්මයන්ට ලක් කර ඇති න්‍යෂ්ටික දූෂිත ජලය සාගරයට මුදා හැරෙනු ඇති බවයි.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් වීමත් සමඟම ජපානයේ විරෝධතා රැල්ලක් මතුව තිබේ. විශේෂයෙන්ම ධීවර වෘත්තිකයෝ රජයේ තීරණයෙන් දැඩි කැළඹීමකට පත්ව සිටිති.

ජපාන ජාතික ධීවර සංගම් සම්මේලනයේ ප්‍රධානීයා ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට එරෙහිව ජපාන ධීවර වෘත්තිකයන්ගේ සැමවිටම විරෝධ පළ කරන බවයි. ධීවර වෘත්තිකයන්ට සහ පුරවැසියන්ට තත්ත්වය පැහැදිලි කර අවංක ප්‍රතිචාර සැලැස්මක් ලබා දෙන ලෙස ඔවුහූ අඛණ්ඩව ජපාන රජයට බලකර සිටිති.

න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම 2021 අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමේ සිට, ජපානයේ සිවිල් සමාජ කණ්ඩායම් ඊට විරෝධය පළ කර තිබේ.

ජපානයේ Asahi Shimbun පුවත්පත 2021 මුල් භාගයේ නිකුත් කළ මත විමසුම්වලට අනුව, සමීක්ෂණයට ලක් වූවන්ගෙන් 55%ක් න්‍යෂ්ටික දූෂිත ජලය පිරිපහදු කර මුහුදට මුදා හැරීමට විරුද්ධය පළ කළහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම