චීන ජනාධිපතිවරයා ගෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලිපියක්
2023-01-15 14:47:04
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවා ඇති ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් චෝ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි .

ඊයේ (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් චෝ මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදී එම ලිපිය භාර දුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දූත පිරිස වෙත පැවසූ බවද වාර්තාව් .

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම