ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂවරයා අතර දුරකථන සාකච්ඡාවක්
2023-01-15 15:51:45
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ(14) චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂ Ma Xiaowei මහතා සමඟ, වත්මන් වසංගත වැළැක්වීම සහ පාලන කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත විය.

චීනයේ වසංගත තත්ත්වය පිළිබඳ ලබා දී ඇති තොරතුරු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී ප්‍රශංසා පළ කළේ ය.

චීන නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට නව නොරොනා වසංගතය පිළිබඳ තොරතුරු ලබා දුන් අතර, එය මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියට පත් කෙරිණ. බාහිර රෝගී, නේවාසික, හදිසි සහ දැඩි සත්කාර අවස්ථා මෙන්ම, කොරොනා සම්බන්ධ රෝහල් තුළ සිදුවූ මරණ සංඛ්‍යාව ඇතුළු කරණු ගණනාවක්, ඉන් ආවරණය වී ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවිය  වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම