ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම රටවල සංචාරකයන් සඳහා අදාළ වන පරිදි නව කොවිඩ් රෙගුලාසි මාලාවක්
2023-01-14 15:00:04
Share with:

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම රටවල සංචාරකයන් සඳහා අදාළ වන පරිදි නව කොවිඩ් රෙගුලාසි මාලාවක් නිකුත් කෙරේ

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශය පවසයි.

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එම රෙගුලාසි වල සඳහන් වේ. කොවිඩ් රෝගය පිළිබඳ ඇතිවන ප්‍රවණතා පිළිබඳ ශ්‍රී ලංකාව සැලකිල්ලෙන් සිටින බවත් සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම