විශාලතම වෛරස ව්‍යාප්තිය සහිත රට වන ඇමරිකාවට සිය දත්ත නිකුත් කිරීමට කාලය උදා වෙයි
2023-01-14 19:09:38
Share with:

XBB.1.5 නව ප්‍රභේදය ඇමරිකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ආසාදනවලින් සියයට 43 කට වඩා වැඩි ප්‍රමාණයක් එම ප්‍රභේදයට සම්බන්ධ වන අතර එය ඇමරිකාව තුළ වේගයෙන්ම වර්ධනය වන ප්‍රභේදය බවට පත්ව ඇත. ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳ ගෝලීය  දත්ත ගබඩාවට  අනුව, වසර 3 ක් පුරා  නව කොරොන වෛරසයේ සෑම ප්‍රභේදයක්ම ඇමරිකාවෙන් වාර්තා වී තිබේ. XBB.1.5 ඇමරිකාවේ එවැනි පුලුල් ආසාදනයක් ඇති කරන්නේ ඇයි? ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ තොරතුරු සහ වෛරස් දත්ත කාලෝචිත, විවෘත සහ විනිවිදභාවයකින් බෙදා ගත යුතුය. ඇමරිකාව පිළිතුරු දෙන තුරු ලෝකය බලා සිටී.

වසංගතයට එරෙහිව සටන් කිරීමට ගෝලීය සහයෝගීතාව අවශ්‍ය වේ. කිසියම් රටක් නව ප්‍රභේදයක් සොයා ගන්නේ නම්, විද්‍යාව සඳහා කාලය සොයා ගැනීමට හැකි ඉක්මනින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එම තොරතුරු බෙදා ගැනීමේ වගකීම සහ බැඳීම ඉටු  කළ යුතුය.

XBB.1.5 අවම වශයෙන් රටවල් හා හ ප්‍රදේශ 74කින් සොයාගෙන ඇත. මෙම ප්‍රභේදය බොහෝ විට ඇමරිකාවේ නිර්මාණය වූ බවට විශේෂඥයන් විශ්වාස කරන බව CNN සේවය වාර්තා කළේය.

   පසුගිය වසර තුන තුළ, වසංගතය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමේදී ඇමරිකාව වංක, නුසුදුසු සහ වගකීම් විරහිත විය. දැනට, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රෝ ප්‍රභේදවලින් "වඩාත්ම සම්ප්‍රේෂණය විය හැකි ප්‍රභේදය" ලෙස XBB.1.5 හඳුනාගෙන ඇති අතර එය තවත් ආසාදනවලට තුඩු දිය හැකි බවට අනතුරු ඇඟවීය. වෛරසයේ විශාලතම ව්‍යාප්තිය ඇති රට වන ඇමරිකාව සිය දත්ත නිකුත් කිරීමට කාලය  උදාවී ඇත. ලෝකයට සත්‍යය දැන ගැනීමේ අයිතිය පවතී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම