චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් අලුත් අවුරුදු සුබ පැතුම් හුවමාරු කර ගනිති
2023-01-14 16:14:37
Share with:

චීන සහ වියට්නාම දෙරටේ සම්ප්‍රදායික වසන්ත උත්සවය උදාවීම නිමිත්තෙන් අද( 14 )  චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් Nguyen Phu Trong මහතා සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.

පක්ෂය, රජය සහ චීනයේ ජනතාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා, ප්‍රධාන ලේකම් Nguyen Phu Trong මහතා මෙන්ම  වියට්නාම් පාලක පක්ෂය, රජය සහ වියට්නාම ජනතාවට හෘදයාංගම අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය.

2023 වසරේ දී  චීනය වියට්නාමය සමඟ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කර මානව වර්ගයාගේ සාමය සහ සංවර්ධනයේ උදාර අරමුණ ඉදිරියට ගෙන යාමට ධනාත්මක දායකත්වයක් ලබා දීමට තමා කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම