විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වෙනුවෙන් සහන වැඩසටහනක්
2023-01-14 15:05:50
Share with:

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වෙනුවෙන් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගනී.

ඒ අනුව විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් මෙලෙස ආරම්භ කර ඇති බව එම කාර්යංශය සඳහන් කළේය.

ජපානය, කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල හැර වෙනත් රටවල සිටින විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක පාසල් උපකරණ මෙහිදී ලබාදීමට නියමිතය.

මීට අමතරව විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 ක කාලයක් නොඉක්මවූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට ද පාසල් උපකරණ ලබාගැනීමේ වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම