චීන විදේශ වෙළඳාමේ පරිමාණය පළමු වරට යුවාන් ට්‍රිලියන 40 ඉක්මවයි
2023-01-14 15:18:56
Share with:

චීනය අඛණ්ඩව වසර හයක් පුරා ලෝකයේ විශාලතම භාණ්ඩ වෙළඳාම් රටයි. 2022 වසරේ චීනයේ විදේශ වෙළෙඳාම පිළිබඳ ඊයේ චීන රේගු මහ පරිපාලනය (13)නිකුත් කළ වාර්තාව චීන ආර්ථිකය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබේ.

එම වාර්තාවට අනුව, වසර 2022 දී චීනයේ භාණ්ඩ ආනයන හා අපනයනවල මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 42.07 ක් වූ අතර එය වසර 2021 ට වඩා සියයට 7.7 කින් වැඩි විය.

2022 දී, ආසියාන්, යුරොපා සංගමය සහ අනෙකුත් ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වෙත චීනයේ අපනයනය වේගවත් වර්ධනයක් පවත්වාගෙන තිබේ. එක් තීරයක් එක් මාවතක්  වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල් වෙත සිදු කෙරුණු අපනයනය 20% කින් ඉහළ ගොස් ඇති අතර, සමස්ත අපනයන වර්ධනය සියයට 6.1 කින් වර්ධනය වී තිබේ.

චීනයේ විදේශ වෙලඳාමේ ශක්තිමත් කාර්ය සාධනය ද ශක්තිමත් ප්‍රතිපත්තිමය සහයෝගයෙන් ප්‍රතිලාභ ලැබීය. විදේශ වෙළෙඳාමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට චීන රජය පියවර ගණනාවක් හඳුන්වා දී ඇත.

වසංගතය හමුවේ, චීනයේ විදේශ වෙළඳාම එහි ශක්තිමත් නිෂ්පාදන ධාරිතාව සහ සම්පූර්ණ සැපයුම් දාමයන් පූර්ණ ලෙස භාවිත කර ඇති අතර, ගෝලීය සැපයුම් පරතරය ඵලදායී ලෙස පිරවීම සහ ගෝලීය වෙළඳාම සහ ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙයි.

2023 දී, චීනයේ විදේශ වෙළඳාම අඛණ්ඩව වේගවත් වනු ඇත. එය චීනයේ ආර්ථිකය වේගවත් කිරීමට සහ ලෝක ආර්ථික වර්ධනය සඳහා වැදගත් එන්ජිමක් වීමට උපකාරී වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම