මනඃකල්පිත සතුරන් නිර්මාණය කිරීම නතර කරන ලෙස‍ චීනය ඇමරිකාවෙන් සහ ජපානයෙන් ඉල්ලා සිටී
2023-01-13 19:43:38
Share with:

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin අද (13) නිත්‍ය මාධ්‍ය හමුවකදී "මනඃකල්පිත සතුරන්"නිර්මාණය කිරීම නතරකර, ආසියා පැසිෆික් කලාපය අස්ථාවර නොකරන ලෙස  ඇමරිකාවෙන් සහ ජපානයෙන් ඉල්ලා සිටියේ ය.

පෙරේදා (11 )පැවති ඇමරිකා සහ ජපාන විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු ඇමරිකාව සහ ජපානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දු - පැසිෆික් කලාපයේ විශාලතම උපායමාර්ගික අභියෝගය චීනය ලෙස හඳුන්වමින් තායිවාන, හොංකොං,Xinjiang සහ නාවික කටයුතු සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් චීනය විවේචනය කළේය.

ඇමරික-ජපාන ඒකාබද්ධ ප්‍රකාශය සීතල යුද්ධයේ ශුන්‍ය මානසිකත්වය සහ චීනයට එරෙහි පදනම් විරහිත අවලාද ප්‍රහාරවලින් පිරී ඇතැයි පැවසූ Wang Wenbin මහතා චීනය ඊට තරයේ විරුද්ධ  බව පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම