ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ජනපති කියයි
2023-01-13 14:37:40
Share with:

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමිනි.

පළාත්, ජාතික, සාක් කලාපීය සහ විශේෂ ලෙස කොටස් හතරක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර, ජාතික මට්ටමේ සහ විශේෂ සම්මාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිළිගැන්විණි.

රටක් ලෙස අප මුහුණ දී සිටින්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකට වුවද එම අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘත වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මේවන විට පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා ඒ අනුව ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත හැකි බවත්, අනතුරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතවලින්ද ණය මුදල් හිමිවනු ඇති බවත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම