චීනයේ නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක් දියත් කෙරේ
2023-01-13 09:25:53
Share with:
නිරිතදිග චීනයේ Sichuan පළාතේ Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර ඇත.
APSTAR-6E නමින් හැඳින්වෙන මෙම විදුලි සංදේශ චන්ද්‍රිකාව, Long March-2C වාහක රොකට්ටුවක් මගින් අද(13) අලුයම 2:10ට අභ්‍යවකාශ ගත කරන ලද අතර එය සැලසුම්ගත කක්ෂයට සාර්ථකව ඇතුල් විය.
අග්නිදිග ආසියානු කලාපය සඳහා ඉහළ කාර්යක්‍ෂම සන්නිවේදන සේවාවක් සැපයීම සඳහා මෙම චන්ද්‍රිකාව යොදා ගැනීමට අපේක්ෂිතයි.
මෙම දියත් කිරීම Long March වාහක රොකට් මාලාවේ 460 වැනි පියාසැරි මෙහෙයුම විය.