ගැබොන් ජනපති සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2023-01-13 10:06:48
Share with:

ගැබොන් ජනාධිපති Ali Bongo Ondimba මහතා චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා හමුවෙයි. එම හමුව ඊයේ (12) ගැබොන් රාජ්‍යයේ ලිබ්‍රෙවිල් අගනුවරදී පැවැත්විණ.

දෙරට නායකයන්ගේ වැදගත් එකඟතාවන් අනුගමනය කරමින්, අන්‍යොන්‍ය උපායමාර්ගික විශ්වාසය සහ සහයෝගිතාව ශක්තිමත් කර විස්තීරණ සහයෝගිතා හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීමට චීනයේ අපේක්ෂාව බව Qin Gang මහතා එහිදී  පැවසීය.

රටට සුදුසු සංවර්ධන මාවත ගවේෂණය කිරීමට චීනය ගැබොන් රාජ්‍යයට අඛණ්ඩව සහය දෙන බව හෙතෙම අවධාරණය කළේය. ද්විපාර්ශ්වික දේශපාලන හා සංවර්ධන උපායමාර්ග හුවමාරුව චීනය පුළුල් කරයි.  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ උසස් මට්ටමේ සම-ඉදි කිරීම චීනය ප්‍රවර්ධනය කරන අතර, “නව ගැබොන්” උපායමාර්ගික අරමුණු ඉටු කිරීමට සහය දක්වන බව ද Qin Gang මහතා පෙන්වා දුන්නේය.

ගැබොන් රාජ්‍යයේ සංවර්ධනයට චීනයෙන් ලැබෙන සහය පිළිබඳව Ali Bongo Ondimba මහතා එහිදී ස්තුතිය පළ කළේය. පොදු සංවර්ධනයෙන් දෙරට මිත්‍රත්වය පුළුල් වෙමින් පවතින බව ද හෙතෙම පැවසීය. ජාත්‍යන්තර තලයේ දී චීනය සැබෑ යුක්තිය අනුගමනය කිරීම පිළිබඳව ද ගැබොන් ජනාධිපතිවරයා තම ප්‍රශංසාව පළ කළේය. චීනය සමඟ, සංවර්ධනය වෙමින් පවතින රටවල සාධාරණ ප්‍රතිලාභ ආරක්ෂා කරන අතර, ජාත්‍යන්තර තලයේ දී අප්‍රිකානු රටවල කතා කිරීමේ අයිතිය ශක්තිමත් කිරීම තම රටේ අපේක්ෂාව බව ද හෙතෙම කියා සිටියේය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම