2023 වසරේ පළමු සති දෙක තුළ ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් 22 ක්
2023-01-13 10:47:13
Share with:

2023 වසරේ දී ඇමරිකාවේ අවම වශයෙන් සමූහ වෙඩි තැබීම් 22ක් සිදු වූ බව වාර්තා වෙයි. පසුගිය 11වැනිදා ද අමෙරිකාවේ අගනුවර වන වොෂින්ටන්හි දී වෙඩි තැබීමක් සිදු වූ බව මාධ්‍ය වාර්තා කළේය. මහා මාර්ගයක ඇති වූ මෙම ගැටුමේ දී, වෙඩි තැබීමක් සිදු වී ඇති අතර ඒ අසලින් ගමන් කරමින් සිටි වැඩිහිටියකු සහ වයස අවුරුදු 6 සහ 9 වයස්‌වල ළමුන් දෙදෙනෙකුට ද පහර දීමෙන් තුවාල සිදු වී ඇත.

ඇමරිකානු වෙඩි තැබීමේ සිද්ධි සම්බන්ධ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ලේඛනාගාර වෙබ් අඩවියේ දත්තවලට අනුව, 2023 වසරේ සති දෙකක් තුළ දී, අවම වශයෙන් දරුණු වෙඩි තැබීමේ සිදුවීම් 22ක් සිදුවී ඇත. බ්‍රිතාන්‍ය ‘ගාඩියන් පුවත්’ සේවය වාර්තා කළේ ඇමරිකාවේ නිතර සිදු වන මෙම වෙඩි තැබීම් වාර ගණන, රථවාහන අනතුරු වාර ගණන සමඟ සමාන වන අතර ඇමරිකානුවන්ට එම අවදානමට පුරුදු වීමට සිදු වී ඇති බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම