ඇමරිකාවේ ඒකපාර්ශ්වික සම්බාධකවලට චීනයේ දැඩි විරෝධය
2023-01-13 14:07:53
Share with:

ඇමරිකාව අත්තනෝමතිකව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය පළ වෙයි. එසේම, කිසිදු රටක දේශීය නීතිය ජාත්‍යන්තර නීතියට ඉහළින් පැවතිය නොහැකි බව චීනය අවධාරණය කරයි.

නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය පැවැත්වූ විවෘත රැස්වීමට එක්වෙමින්, ජගත් සංවිධානයේ  චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා මේ අදහස් පළ කළේ ය. එම රැස්වීම ඊයේ(12) පැවැත්විණ.

Zhang Jun මහතා එහිදී පැවසුවේ ඇමරිකාව ඇතුළු ඇතැම් රටවල් සාධාරණ තරගකාරීත්වය, වෙළඳ ආර්ථික මූලධර්ම හා බහුපාර්ශ්වික වෙළඳ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවයි. ගෝලීය වටිනාකම් හා සැපයුම් දාමයන් හි ස්ථායිතාවට ද ඔවුන් සැලසුම් සහගත ව අවහිර කර තිබේ. මෙය සෙසු රටවල සාධාරණ සංවර්ධන අයිතිවාසිකම් හා ජගත් ප්‍රජාවේ පොදු ප්‍රතිලාභවලට හානි කිරීමකි. එපමණක් නොව, ජාත්‍යන්තර නීතියේ ජීවගුණයට ද පටහැණි වීමකි. රැස්වීමට එක් වූ විවිධ පාර්ශ්වයන්ට ලෝකයට ඇත්තේ එකම පද්ධතියක් බව තහවුරු කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව චීන නියෝජිතයා අවධාරණය කළේ ය. එනම්, ජගත් ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය යි. එසේම, ලෝකයට ඇත්තේ එකම පටිපාටියක් හා රෙගුලාසියක් බව ද තහවුරු කළ යුතු ය. ඒ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පටිපාටිය හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා රෙගුලාසිය මත පදනම් වූ ජාත්‍යන්තර සබඳතා රෙගුලාසිය බව ද චීන නියෝජිතයා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම