බොහෝ රටවල් චීනය සිය කොරොනා වසංගත මර්දන පියවර ලිහිල් කිරීම අනතුරක් ලෙසට නොදකී.
2023-01-13 16:55:19
Share with:

පාරිභෝගික ආරක්ෂණ සහ මහජන සුබසාධන අධීක්ෂණ සඳහාවන රුසියානු ෆෙඩරල් සේවයේ ප්‍රධානී ඇනා පොපෝවා පැවසුවේ චීනයේ ලිහිල් නිරෝධායන ප්‍රතිපත්තිය තුළ කිසිදු අනතුරක් නොදකින රුසියාව චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට අමතර සීමාවන් නෙපනවන බවයි. රොයිටර් පුවත් සේවය ඊයේ (12) මේ බව වාර්තා කළේය.

තායිලන්ත ජාතික පුවත් ඒජන්සිය ඊයේ (12) එරට ජාතික බෝවන රෝග කොමිසමේ රෝග පාලන මධ්‍යස්ථානය උපුටා දක්වමින් කියා සිටියේ චීන සංචාරකයින් සංඛ්‍යාව වැඩිවීම ආසාදන වැඩිවීමට හේතු නොවන බවයි. ඉදිරි මාස තුන තුළ චීන සංචාරකයින් ලක්ෂ 3 ක් පමණ තායිලන්තයට පැමිණෙනු ඇතැයි අනාවැකි පළවී ඇත.

චීනයේ සමස්ත වසංගත තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර චීනයෙන් පැමිණෙන සංචාරකයින් පමණක් ඉලක්ක කර ගෙන ඇති ප්‍රවේශ සීමා කිරීමේ ප්‍රතිපත්තිය, වෙනස් කොට සැලකීමක් සහ විද්‍යාත්මක නොවන දෙයක් බව කෙන්යානු මාධ්‍යයක් වන “සමස්ත අප්‍රිකා” ආයතනය විශ්වාස කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම