ඉදිරි වසර 25 සදහා නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙලක්
2023-01-13 14:41:01
Share with:

ඉදිරි වසර 25 සදහා නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙලක් සමග ජාතික නිදහස් උළෙල අභිමානවත්ව සැමරීමට රජය තීරණය කරයි. නමෝ නමෝ මාතා සියවසකට පියවරක් තේමාව යටතේ මෙවර නිදහස් උළෙල පැවැත්වෙයි. මෙහිදී 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අදාල රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීමට ද නියමිතයි. ප්‍රධාන සැමරුම් උළෙල ලබන 04 වැනිදා පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.

නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල්දම් පළදවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමාවලට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරේ. මෙවර නිදහස් උත්සවයට සමගාමීව දිපව්‍යප්ත මට්ටමින් සංස්කෘතික හා ආගමික වැඩසටහන් සංවිධාන කර ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම