Marshall දූපත්වල න්‍යෂ්ටික පරීක්ෂණ අර්බුදය විසඳීමට ඇමරිකාව සිය වගකීම ඉටු කළ යුතු කාලය එළඹ ඇත
2023-01-13 10:44:16
Share with:

පසුගිය සියවසේ හතළිහ හා පණහ දශකවල, ඇමරිකාව විසින් ශාන්තිකර දූපත් රටක් වන Marshall දූපත් ජනරජයේ ක්‍රියාත්මක කරනු ලැබූ විශාල පරිමාණ න්‍යෂ්ටික පරීක්ෂණ පිළිබඳව, සිය පොරොන්දු ඉටු කර, ඒ වෙනුවෙන් සමාව ඉල්ලා වන්දි ගෙවන ලෙස අවි පාලනය, පරිසර සුරැකුම ඇතුළු ජගත් සංවිධාන සිය ගණනක් පසුගියදා ඇමරිකානු රජයෙන් ඉල්ලා තිබේ. වසර 1946 - 1958 අතර කාලයේ ඇමරිකාව Marshall දූපත්වල න්‍යෂ්ටික පරීක්ෂණ 67ක් සිදු කළේය. අනතුරුව, ඇමරිකාවේ Nevada ජනපදයේ න්‍යෂ්ටික දූෂිත පස් ටොන් 130ක් පමණ සැතපුම් 5000ක් පමණ දුරක් ගෙවා ගෙන ගොස් Marshall දූපතට හෙළීමට ද ඔවුහු පියවර ගත්හ.

Marshall දූපත් පුරවැසියන්ට සිදු කළ දේපළ හා සෞඛ්‍ය ඇතුළු අලාභහානි සඳහා වන්දි ගෙවන ලෙස ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හමුවේ ඇමරිකාව 1986 වසරේ දී ඊට එකඟ විය. එහෙත් ඉන් අනතුරුව තම වැරදි හා අපරාධ සඟවමින්, ඒවා අවමයෙන් සඳහන් කළ ඔවුහු පොරොන්දු වූ ලෙස වන්දි ගෙවීම ද පැහැර හැරියහ. ඇමරිකාවේ මෙම අනිසි ක්‍රියා පිළිවෙත මෙන්ම දාමරික ස්වභාවය ජගත් ප්‍රජාවගේ කෝපයට හේතු විය. Marshall දූපත් ජනරජයේ න්‍යෂ්ටික පරීක්ෂණය පිළිබඳ ඓතිහාසික ප්‍රශ්නය විසඳීමට සහාය වන්නැයි 2022 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය.

ලොව විශාලතම න්‍යෂ්ටික අවි සතු රට වශයෙන් ඇමරිකාව Marshall දූපත්වල න්‍යෂ්ටික පරීක්ෂණ ප්‍රශ්නයට පශ්චාත් විසඳුම් ලබාදීමේ හා වන්දි ගෙවීමේ වගකීම ඉටු කළ යුතු  අතර,  දැනට සිදුකරන න්‍යෂ්ටික අවි ව්‍යාප්ත කිරීම් ද වහාම නතර කිරීමට කාලය එළඹ තිබේ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම