ඇමරිකාව වසංගත තොරතුරු සහ වෛරසයේ දත්ත කාලෝචිත, විවෘත හා විනිවිද පෙනෙන ආකාරයකින් බෙදා ගත යුතු බව, චීනය පවසයි.
2023-01-13 18:49:44
Share with:

ඇමරිකාවට චීනයෙන් පැමිණෙන සංචාරකයින් පිටත්ව යාමට පෙර PCR පරීක්ෂණ අවශ්‍ය බව, ඇමරිකානු රාජ්‍ය‍ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා මෑතකදී පැවසීය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පෙන්වා දුන්නේ, දැනට චීනයේ පැතිර ඇති වෛරස් වික්‍රියාව විශාල බලපෑමක් ඇති නොකරනු ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ Global Influenza හවුල් දත්ත සමුදාය මෑතකදී පෙන්වා දුන්නේ, චීනය විසින් සපයන ලද වෛරස ජානමය දත්ත, වෙනත් රටවල් විසින් ඉදිරිපත් කරන ලද චීනයේ ආසාදිත මගීන්ගේ වෛරසය ජානමය අනුපිළිවෙලට අනුකූල වන අතර, නව ප්‍රභේද හෝ සැලකිය යුතු විකෘති  ප්‍රභේද කිසිවක් හමු නොවන බවයි.

XBB.1.5 ප්‍රභේදය ඇමරිකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් XBB.1.5 හඳුනාගෙන ඇත්තේ ප්‍රබල ආසාදනයක් සහ ප්‍රතිශක්තිකරණයන් අභිබවා යන ප්‍රභේදයක් ලෙසිනි.

ඇමරිකාව වසංගත තොරතුරු සහ වෛරස දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කාලෝචිත, විවෘත හා විනිවිද පෙනෙන ආකාරයකින් බෙදා ගත යුතු බව, Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම