බ්‍රිතාන්‍යයේ වැඩවර්ජනය අඛණ්ඩව
2023-01-13 10:36:24
Share with:

බ්‍රිතාන්‍යයේ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව පවතී.

බ්‍රිතාන්‍යයේ ඉහළ උද්ධමනය හා සැබෑ ආදායම විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් එරට  දුම්රිය සේවකයන්, හෙදියන්, රාජකීය තැපැල් කාර්ය මණ්ඩල සේවකයන්, ගිලන් රථ සේවකයන්, ගුරුවරුන් හා බස් රියදුරන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර මේ වනවිට දින ගණනක් ගෙවීගොස් ඇත. 80 දශකයේ සිට මෙතෙක් වාර්තා වූ බරපතලම වැඩවර්ජන රැල්ල මේ වනවිට  එරට මතුව ඇති බව මාධ්‍ය වාර්තාවන් හි දැක්වේ.

බ්‍රිතාන්‍ය රජය හා අදාළ කම්කරු සංගම් ඊයේ(12) සාකච්ඡාවකට එක්වෙමින්  වැඩවර්ජනය අවසන් කිරීමට උත්සාහ දරා ඇතත්, එය අසාර්ථක වී තිබේ. රාජ්‍ය සේවකයන් නියෝජනය කරන බ්‍රිතාන්‍ය පොදු හා වාණිජ සේවා ලීගය ප්‍රකාශ කළේ, එම සාකච්ඡාව නිසි පදනමකින් තොර වූ අතර, වැඩවර්ජනය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම