වසංගතය දේශපාලනීකරණය කිරීම කිසිසේත් පිළිගත නොහැකියි
2023-01-13 10:48:58
Share with:

වසංගතය දේශපාලනීකරණය කිරීම කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව මාධ්‍යවේදී වසන්ත වරසප්පෙරුම මහතා පවසයි. ඇතැම් පාර්ශ්ව පදනම් විරහිතව වසංගතය පැතිරීමේ ආරම්භයේ සිටම චීනයට එරෙහිව දොස් නැගීමේ නිරර්ථක උත්සාහයක නිරතවිය. චීනය ක්‍රියාත්මක කළ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය විවේචනය කළ එම පාර්ශ්ව කාලානූරූපව වර්තමානයේ චීනය ගෙන ඇති විද්‍යාත්මක වසංගත පාලන පියවරයන් ද විවේචනයට ලක් කිරීම හාස්‍යයට කරුණක් බව ද හෙතෙම කියා සිටී. ඉන් ස්ථාවරයක් නොමැති ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත පැහැදිලිව පිළිබිඹු වී තිබේ. වසංගතයක් යනු විද්‍යාත්මකව ප්‍රතිචාර දැක්විය යුත්තකි. ඊට දේශපාලන, ජාති භේද ‍හෝ ආගම් භේද අදාළ නොවේ. ලෝකය දැවැන්ත ආර්ථික සිරවීමකට ලක්ව ඇති මෙම මොහොතේ සිය විශාල ජනගහනයක ජීවිත ආ‍රක්ෂාව ද සලකමින් චීනය සිදු කළ කොවිඩ් වසංගත පාලන පියවර ලිහිල් කිරීම් ලෝකයට නව බලාපොරොත්තුවක් ගෙන දී ඇතැයි ද වසන්ත වරසප්පෙරුම මහතා කියා සිටී.එබැවින් වසංගතය දේශපාලනීකරණය කිරීමට කවරෙකු හෝ දරන උත්සාහයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතු යැයි ද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම