චීනය සැමවිටම අප්‍රිකාවට ලබා දෙන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛත්වය නොවෙනස් වන බව අවධාරණය කෙරේ
2023-01-12 18:58:29
Share with:

චීනය සැමවිටම අප්‍රිකාවට ලබා දෙන සිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛත්වය තහවුරු කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (12) චීන විදේශ අමාත්‍ය ඡින් ගං මහතාගේ අප්‍රිකානු සංචාරය පිළිබඳ සඳහන් කරමින් කියා සිටියේ චීනය සැමවිටම අප්‍රිකාවට සිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛත්වය ලබා දෙන බවයි. චීන-අප්‍රිකානු මිත්‍රත්වය වඩාත් ඉදිරියට ගෙන යාම චීන රාජ්‍ය තාන්ත්‍රික්තවයේ කැපී පෙනෙන සම්ප්‍රදායක් බව ඔහු එහිදී පැවසීය.

විදේශ අමාත්‍ය ඡින් ගං මහතා ඊයේ (11) අප්‍රිකානු ලීගයේ සභාපතිවරයා සමග අප්‍රිකානු රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමේ උත්සවයට එක් විය. එම මධ්‍යස්ථානය 2018 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා සභාවේ ප්‍රකාශ කළ අයුරින් චීනයේ ආධාරයෙන් ඉදි කරන ලද ව්‍යාපෘතියකි. චීනය කිසි දිනෙකවත් හිස් පොරොන්දු නොදෙන බවත්, කිසි ලෙසකින් කිසිදු රටකට බලහත්කාරකම් නොකරන බවත්, ඡින් ගං විදේශ ඇමතිවරයා උත්සවයේදී අවධාරණය කළේ ය. චීනය අප්‍රිකාව ණය උගුල පටලවා ඇතැයි යන චෝදනාව ද ඔහු එහිදී  ප්‍රතික්ෂේප කළේ ය. අප්‍රිකාවේ ණයවලින් හතරෙන් තුනක් අයත් වන්නේ බහුපාර්ශ්වික මූල්‍ය ආයතන හා වාණිජ ණය හිමියන්ට ය.චීනය කවර දිනෙක වත් අප්‍රිකාවට බලහත්කාරයෙන් ණය නොදුන් බවත්, චීනය සැමවිටම අප්‍රිකාව ණයබරින් නිදහස් කිරීමට කටයුතු කරන බවත්, චීන විදේශ අමාත්‍යාවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම