චීන සංචාරකයින්ට PCR පරීක්ෂණ අවශ්‍ය නොවන බව ස්විට්සර්ලන්තය පවසයි
2023-01-12 18:55:38
Share with:

චීන සංචාරකයින් ස්විට්සර්ලන්තයට පැමිණීමේ දී අනිවාර්ය PCR පරීක්ෂාව අවශ්‍ය නොවන බවත්, චීනයෙන් වාර්තාවූ Omicron විකෘති ප්‍රභේදයෙන් ස්විට්සර්ලන්ත ජනගහනයට සහ රටේ සෞඛ්‍ය පද්ධතියට ඇති අවදානම අඩු  බවත්, ස්විට්සර්ලන්ත රජය ඊයේ(11) ප්‍රකාශ කළේ ය.

මේ අතර කැනඩා ගුවන් විදුලි සංස්ථාව වාර්තා කළේ, චීනය දේශසීමා විවෘත කිරීමත් සමඟ, කැනඩාවේ British Columbia පළාතේ සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශාල බලාපොරොත්තු තබා ඇති බවයි.

Reuters පුවත් ඒජන්සි‍යේ වාර්තාවලට අනුව, චීනයේ වසංගත වැළැක්වීමේ පියවරයන් ප්‍රශස්ත කිරීම, චීන-රුසියානු සබඳතාවල නව වර්ධනය සඳහා වැදගත් අවස්ථා ගෙන එන බව ප්‍රකාශ වී ඇත. චීනයට සහ රුසියාවට හැකි ඉක්මනින් මානව හුවමාරු නැවත ආරම්භ කළ හැකිය.

McKinsey උපදේශන සමාගමේ 2022 දී සමීක්ෂණයක් පෙන්නුම් කළේ, චීන සංචාරකයින්ට ඇතුල්වීමේ සීමාවන් පනවා නැති රුසියාව, දැනට චීන සංචාරකයින් ගේ වඩාත් කැමති සංචාරක ගමනාන්තයක් බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම