චීන ඇන්ගෝලා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවට වසර 40ක් සපිරේ
2023-01-12 10:15:55
Share with:

 චීන ඇන්ගෝලා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති.

ගෙවී ගිය වසර 40 තුළ චීනය හා ඇන්ගෝලාව අතර අවංක මිත්‍රත්වය ගොඩනගා තිබූ අතර එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ලෙස අවබෝධය හා අනුබලය දක්වා තිබෙන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කරයි. ඇන්ගෝලාව සමග සම්බන්ධතාව තමා වැදගත් කොට සලකන බව ඔහු පැවසීය. João Manuel Gonçalves Lourenço ජනාධිපතිවරයා සමග එක්ව දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 40 වැනි සංවත්සරය ප්‍රයෝජනයට ගනිමින් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කිරීමටත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහයෝගතා පුළුල් කිරීමටත් කටයුතු කිරීමට කැමති බව ෂී ජින්පිං මහතා කියා සිටියි. එසේම දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර, චීන ඇන්ගෝලා උපායමාර්ගික හවුල්කාරීත්වය නව තලයකට නංවාලීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

‍ජගත් ප්‍රශ්න රැසක් සම්බන්ධයෙන් තම රට චීනය හා සමාන ආකල්පයක සිටින බව ඇන්ගෝලා ජනාධිපති João Manuel Gonçalves Lourenço මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත. පොදු දියුණුව, සමෘද්ධිය හා සංවර්ධනය ඉටු කරමින් දෙරටේ ජනතාවට වඩාත් වැඩි සුබ සෙත නිර්මාණය කිරීම සඳහා චීනය සමග මිත්‍රශීලි සහයෝගතාව ශක්තිමත් කර පොදු ජයග්‍රහණය පිළිබඳ අනාගතය සංවර්ධනය කිරීමට ඇන්ගෝලාව කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම