තෙල් හා ගෑස් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාව කඩිනමින් නැවත ආරම්භ කිරීමට චීනය හා පිලිපීනය එකඟතාවයකට
2023-01-12 10:12:45
Share with:

තෙල් හා ගෑස් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාව කඩිනමින් නැවත ආරම්භ කිරීමට චීනය හා පිලිපීනය එකඟතාවකට එළඹ ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. පිලිපීනය ඇතුළු දකුණු චීන මුහුදුප්‍රශ්නයට අදාල රටවල් සමඟ සන්නිවේදනය හා සාකච්ඡාවන් ප්‍රවර්ධනය කරමින් සහ අදාළ මතභේද විසඳමින් ,සමුද්‍රීය  සහයෝගිතාවය පුළුල් කිරීමට චීනය අඛණ්ඩව කැප වෙමින් සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

පසුගිය දා පිලිපීන ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීමේ දී , 2018 දී අත්සන් කළ තෙල් හා ගෑස් සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම මත පදනම්ව, දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා තෙල් හා ගෑස් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාව හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම