වසර තුනකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් චීනය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් අර්බුදකාරී තත්ත්වකට මුහුණ දුන්නේය. නමුත් මෙහි දී චීනය සැලසුම් සහිතව හා ක්‍රමිකව අනුගමනය කළ නීති සහ ප්‍රතිපත්ති මාලාව වර්තමාන තීරණවලට සෘජුවම බලපා ඇත. ඒ හේතුවෙන් චීන රජයට කොවිඩ් පාලන ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ හැකියාව ලැබී ඇත. ඒ සමගම ජනතාවට සාමාන්‍ය ලෙස දෛනික ජීවිතය පවත්වා ගෙන යාමට අවස්ථාව ද ලැබී තිබේ. මෙම ක්‍රියාමාර්ගය චීනයේ ඉදිරි වසර කිහිපය සම්බන්ධයෙන් සුභවාදී අපේක්ෂාවන් ජනිත කරන බව කථිකාචාර්ය චාරක ඔෂාන් මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.
සිය ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් නැවත යථා අයුරින් පවත්වා ගෙන යාමටත්, ආගමන විගමන නිරෝධායන නීති ඉවත් කරමින් නව ප්‍රවේශයක් ලබා ගැනීමට ඉතා වැදගත් වේ. එය සමස්ත ලෝක ප්‍රජාවට චීනය සමග සහයෝගිතාවයන් වර්ධනය කර ගැනීමට මාවතක් වනු ඇත. වසංගත තත්ත්වය හමුවේ සිය ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් නිෂ්පාදන සහ පරිභෝජන අංශය ද සුරක්ෂිත කර ගැනීමට චීනය සමත් වූ බව ද හෙතෙම කියා සිටී .
ගෝලීය වසංගතයක් වැනි තත්ත්වයක් හමුවේ රටක ස්ථාවර මූල්‍ය ක්‍රමයක වැදගත්කම චීනය ලෝකයට පෙන්වා දී ඇත. අනාගත සංවර්ධනය වෙනුවෙන් නවීකරණ වූ ගමන්මගකට චීනය ප්‍රවේශ වීමට බලාපොරොත්තු වේ. එය ආසියානු කලාපයේ රටවල තාක්ෂණික දියුණුව උදෙසා යහපත් බලපෑමක් ඇති කරන බව ද ඔහු පැවසීය. චීන රජය කොවිඩ් පාලන ප්‍රතිපත්ති ලිහිල් කිරීම හරහා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරමින්, ආර්ථිකය හා සමාජීය ස්ථාවරභාවය යළි තහවුරු කිරීමට උපකාරී වනු ඇත. ඒ සඳහා සමස්ත ගෝලීය ප්‍රජාවගේ සහයෝගය ලබා දිය යුතු බව ද කථිකාචාර්ය චාරක ඔෂාන් මුණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.