ආසියා පැසිෆික් කලාපය භූ දේශපාලන තරඟය සඳහා සටන් පිටියක් නොවේ
2023-01-12 09:38:03
Share with:

ආසියා පැසිෆික් කලාපය සාමය සහ සංවර්ධනය සඳහා නැංගුරමක් මිස භූ දේශපාලන තරඟය සඳහා  සටන් පිටියක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin  මහතා ඊයේ(11) ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යය සහ ජපානය අතර ප්‍රධාන ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.මෙම ගිවිසුම ක්‍රියාත්මක වීම හරහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශ ජපානය තුළ යෙදවීමේ අවස්ථාව සැලසේ.මෙය චීනය විසින් එල්ල කරනවා යැයි හඳුන්වන අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ එක් පියවරක් බව එම දෙරට පවසයි. මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin  මහතා නිත්‍ය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ, ආසියා පැසිෆික් කලාපය සාමය සහ සංවර්ධනය සඳහා නැංගුරමක් මිස භූ දේශපාලන තරඟය සඳහා පොරබැදීමේ ක්‍රීඩා පිටියක් නොවන බවයි.  චීනය සියලු රටවල් සඳහා සහයෝගීතා හවුල්කරුවෙකු වන අතර කිසිදු රටකට අභියෝගයක් නොවන බව ද ඔහු පැවසීය.

මෙම රටවල් අතර ඇති කර ගන්නා වූ ආරක්ෂක සහයෝගීතාව රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ සහයෝගීතාව ඉහළ නැංවීමට හිතකර විය යුතුය. එය කිසිවිටෙක මනඃකල්පිත සතුරෙකු ඉලක්ක නොකළ යුතු බව ද හෙතෙම කියා සිටී. ආසියා පැසිෆික් කලාපයේ ගැටුම් සම්බන්ධයෙන් යල්පැන ගිය මානසිකත්වය තවදුරටත් ප්‍රතිනිර්මාණය නොකළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම