සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගිය,සහයෝගීතාව සහ පොදු සංවර්ධනය සඳහා චීනයේ ඉහළ දායකත්වයක්
2023-01-12 17:15:16
Share with:

සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගිය,සහයෝගීතාව සහ පොදු සංවර්ධනය සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බව අවධාරණය කෙරේ.චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී කියා සිටියේ "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්"(Voice of Global South Summit)සමුළු සත්කාරකත්වය පිළිබඳ සලකා බැලීම සහ සැලසුම පිළිබඳව ඉන්දියාව චීනයට දන්වා ඇති බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු කැමැත්ත සහ නීත්‍යනුකූල අවශ්‍යතා පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කළ යුතු බව චීනය සැමවිටම ප්‍රකාශ කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන විශේෂ සංවර්ධන අභියෝග අවධාරණය කරමින් චීනය ගෝලීය සංවර්ධන වැඩසටහනක් ඉදිරිපත් කර ඇතැයි Wang Wenbin පැවසීය..

සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය සංවර්ධනය සහ බලශක්ති සුරක්ෂිතභාවය වැනි ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාව අද(12)සහ හෙට(13) "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්" සමුළුවේ සත්කාරකත්වය දැරීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම