රාජ්‍ය ආයතනවල වියදම් කපා හැරීමට උපදෙස්
2023-01-12 14:55:56
Share with:

කුලී බදු ලෙස අධික මුදල් ගෙවමින් පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යන රජයේ සියලු කාර්යාල රජය සතු ස්ථානවලට ගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දෙයි.

රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.

එමෙන්ම සියලු රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අදාළ ලිපිය මඟින් දැනුවත් කර තිබේ.

සෑම ආයතනයකම විදුලිපංකා, වායුසමන යන්ත්‍ර භාවිතය අවම කිරීමටත් එම ලිපියෙන් දැනුම දී ඇති අතර නිවාඩු දිනවල අතිකාල සඳහා සේවකයන් යෙදවීම සම්බන්ධයෙන්ද උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම