ජනාධිපතිවරයා හා චීන අපනයන ආනයන බැංකුවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක්
2023-01-12 14:52:55
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන අපනයන ආනයන බැංකුවේ සභාපති වූ ෆිලින්  සමග  සාකච්ඡාවක නිරත වෙයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

ද්වීපාර්ශවික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මෙරට ණය ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටත් සංවර්ධන කටයුතු සඳහා උපකාර කිරීමටත්  චීන අපනයන ආනයන බැංකුවේ සභාපතිවරයා එකඟ වී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම