නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට සාකච්ඡා
2023-01-12 09:52:29
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා සහ අප්‍රිකානු සංගමයේ කොමිසමේ සභාපති Moussa Faki මහතා, චීනය සහ අප්‍රිකානු සංගමය අතර අටවන උපායමාර්ගික සංවාදය පවත්වති. එම සංවාදය ඊයේ (11) අප්‍රිකානු සංගමයේ මූලස්ථානයේ දී පැවැත්විණ.

වර්තමානයේ චීනය හා අප්‍රිකානු සංගමය පවත්නා සහයෝගීතාව හොඳ ප්‍රවණතාවයක පවතින බවත්, දේශපාලන වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත්, මූලික සහ ප්‍රධාන අවශ්‍යතා සම්බන්ධ ගැටළුවල දී එකිනෙකාට සහයෝගය දැක්වූ බවත් Qin Gang මහතා එහිදී පැවසීය. පොදු වර්ධනය උදෙසා අප්‍රිකාවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින චීනය, අප්‍රිකාව සමග අත්වැල් බැඳ ගෙන නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට බලාපොරොත්තු වේ. අප්‍රිකානු සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළු වීමටත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල අප්‍රිකානු රටවල නියෝජනය සහ හඬ වැඩිදියුණු කිරීමටත් චීනය සහය දක්වන බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට චීනය සෑම විටම උත්සාහ දරන බවත් Qin Gang මහතා සඳහන් කළේය.

අප්‍රිකානු ඒකාබද්ධතාවය, අන්‍යෝන්‍ය සම්බන්ධතාව හා සංනිවේදනය සහ නිදහස් වෙළඳ කලාප ඉදිකිරීම සඳහා චීනය ලබා දුන් ශක්තිමත් සහයෝගය අප්‍රිකාව අගය කරන බව Moussa Faki මහතා පැවසීය. නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම