චීනයේ 5G මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියන 2.3 ඉක්මවයි
2023-01-12 14:28:12
Share with:

චීනයේ මේ වනවිට විවෘත කර ඇති 5G මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියන 2.3 ඉක්මවයි.

පසුගිය වසරවල චීනය නව තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් පූර්ණ ශක්තිය යොදවා සංවර්ධනය කර ඇත.

5G, ගිගාබයිට් සන්නිවේදන ජාල, කාර්මික අන්තර්ජාලය යනාදිය අඛණ්ඩව සංවර්ධනය කොට, ඩිජිටල් ආර්ථිකය සහ සැබෑ ආර්ථිකය නිසිලෙස ඒකාබද්ධ කිරීමට චීනය පියවර ගෙන තිබේ.

2023 වසරේ දී නව තොරතුරු යටිතල පහසුකම් ගොඩනැගීමේ සම්බන්ධීකරණ සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග හඳුන්වා දීමට ද චීනය ක්‍රියාකරනු ඇත. එසේම 5G සහ ගිගාබයිට් සන්නිවේදන ජාල සංවර්ධනය වේගවත් කොට දේශසීමා ප්‍රදේශවල බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් සංවර්ධනය ආරම්භ කරමින්, 6G තාක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය ද පුළුල් ලෙස ඉදිරියට ගෙන යනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම