ජීවන වියදම ඉහළ යාම ලෝකය මුහුණපාන බරපතලම කෙටිකාලීන අර්බුදය බවට පත් වේ
2023-01-12 11:23:18
Share with:

ජීවන වියදම ඉහළ යාම, වත්මන් ලෝකයේ බරපතලම කෙටිකාලීන අවදානම බවට පත්ව ඇතැයි ලෝක ආර්ථික සාකච්ඡා සභාව කියයි.

එම සාකච්ඡා සභාව ඊයේ(11) නිකුත් කළ 2023 ගෝලීය අවදානම පිළිබඳ වාර්තා‌වේ මේ බව සඳහන් වේ. දේශගුණ විපර්යාස කෙරෙහි වන අකාර්යක්ෂම ප්‍රතිචාරය ගෝලීය වශයෙන් පවතින බරපතලම දිගුකාලීන අවදානම බවට පත්ව ඇත. විවිධ ගැටළු හා භූ ආර්ථික ගැටුම් හේතුවෙන් එකිනෙක සම්බන්ධ වන ගෝලීය අර්බුද මාලාවක් මතු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

ඉදිරි වසර දෙක තුළ බලශක්ති හා ආහාර සැපයුම් ප්‍රමාණවත් නොවීමෙන් ලෝකයට දැඩි බාධා එල්ල වන අතර, ජීවන වියදම හා ණය ආපසු ගෙවීමේ පිරිවැය ද වේගයෙන් ඉහළ යනු ඇත. එසේම, මෙම කෙටිකාලීන අවදානම් තත්ත්ව විසින්, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්ව ආරක්ෂණය වැනි දිගකාලීන අභියෝග උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව ගන්නා ක්‍රියාමාර්ග වළක්වනු ඇති බව ද එහි සඳහන් වේ.

දේශගුණ විපර්යාස අවම කිරීම හා ඒවාට අනුවර්තනය වීම සඳහා ජගත් ප්‍රජාව ඵලදායී සහයෝගිතා නොපැවැත්වුවහොත් ඉදිරි දශකයේ දී තිරසර ගෝලීය උණුසුම හමුවේ පාරිසරික පැවැත්ම ද බිඳවැටෙනු ඇති බවට එම වාර්තාව අනතුරු අඟවා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම