Hualong අංක 1 න්‍යෂ්ටික බල විදුලි උත්පාදක කට්ටලය ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කෙරේ
2023-01-11 09:49:59
Share with:

චීනයේ බටහිර ප්‍රදේශයේ පළමු Hualong අංක 1 න්‍යෂ්ටික බල විදුලි උත්පාදක කට්ටලය ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කෙරේ.

චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ Fangchenggang නගරයේ පිහිටි චීනයේ ප්‍රධාන න්‍යෂ්ටික බලශක්ති සමූහයට අයත් එම න්‍යෂ්ටික බල විදුලි උත්පාදක කට්ටලය ඊයේ (10) ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කෙරිණ. එම විදුලි උත්පාදක කට්ටලයට සාර්ථකව විදුලිය ජනනය කිරීමේ හැකියාවක් ඇති අතර, එය වාණිජ මෙහෙයුම් ඉලක්කය කරා තවත් ප්‍රධාන පියවරක් ගෙන ඇත.

Hualong අංක 1 න්‍යෂ්ටික බල විදුලි උත්පාදක කට්ටලය යනු චීනයේ න්‍යෂ්ටික බලශක්ති පර්යේෂණ, සැලසුම්, නිෂ්පාදනය, ඉදිකිරීම් සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වසර 30කට වැඩි අත්හදා බැලීම් මත වැඩි දියුණු කර ඇති, ස්වාධීන බුද්ධිමය දේපළ හිමිකමක් සහිත තුන්වන පරම්පරාවේ න්‍යෂ්ටික බලශක්ති තාක්ෂණයකි. එහි අන්තර්ගත සියලුම දර්ශක ජාත්‍යන්තර ප්‍රමිතියට නිර්මාණය කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම