චීන සංචාරකයන්ට සීමා පැනවීම දේශපාලන ක්‍රියාවක්
2023-01-11 15:49:51
Share with:

චීන සංචාරකයන්ට සීමා පැනවීම දේශපාලන ක්‍රියාවක් බව  අවධාරණය කෙරේ.

මේ වන විට චීන සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳව රටවල් 10කට වැඩි සංඛ්‍යාවක් විවිධ සීමා පනවා ඇතැයි වාර්තා වේ. චීන මහ ගොඩබිමෙන් පැමිණෙන චීන සංචාරකයන්ට පමණක් ක්‍රියාත්මක වන එම නව ප්‍රතිපත්ති අසාධාරණ වන අතර එය වෙනස්කම් කිරීමේ ප්‍රතිපත්ති බව ඇතැම් චීන සංචාරකයන්ගේ මතය වී තිබේ.

චීන වෙළඳපොල පර්යේෂණ සමූහයේ නිර්මාතෘ Shaun Rei මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටින්නේ එම රටවල් චීන සංචාරකයන් ඉලක්ක කරගෙන සීමා පැනවීම සංචාරක කර්මාන්තයට පමණක් අදාළ නොවන බවයි. එය දේශපාලන ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. චීනයේ ශැංහයි නුවර ජීවත් වන නවසීලන්ත ජාතිකයෙකු වන Darren Strack මහතා ද ඊට සමාන අදහස් දක්වා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම