“චීනය වසංගත පාලනයට පියවර ගන්නේ ඒ පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුවයි” - ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු
2023-01-11 09:52:03
Share with:

කොරොනා වසංගතය ලොව පැතිර යාම ඇරඹුණු අවස්ථාවේ සිටම චීනය එය මැඩපැවැත්වීම උදෙසා විවිධ පාලන ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේ එමගින් සිදුවන දැවැන්ත හානි වළක්වා ගැනීමේ අරමුණ සහිතව බව ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා කියාසිටී. චීන කොමියුනිස්ට් පක්ෂ බලධාරීන් වෙනත් සෑම අවස්ථාවක මෙන්ම එහිදීත් ප්‍රමුඛ අවධානය යොමු කළේ ජනතාව හා ජනජීවිතයේ සුරක්ෂිතභාවය කෙරෙහි ය. චීනය සතු ප්‍රබල සම්පත මානව සම්පත යි. මේ නිසා සංවර්ධන ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේ වගකීම මෙන්ම මිනිස් ජීවිතවල ආරක්ෂාව සහතික කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ.  

කාලයෙන් කාලයට චීනය වසංගත ප්‍රතිපත්තිවල සංශෝධන ඔවුන් සිදුකළේ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් පවතින විවිධ තත්ත්වයන් මනාව අධ්‍යයනය කරමිනි. වෛරසයක් නිරන්තර විපර්යාසයන්ට ලක්වන නිසා විවිධ ප්‍රභේද නිර්මාණය වෙයි. ඒවා සතු ශක්තිය, රෝග ලක්ෂණ හා ව්‍යාප්ති ශීඝ්‍රතාව එකිනෙකට වෙනස් ය. චීනය අඛණ්ඩව මේ පිළිබඳ පර්යේෂණයන් හි නිරත වෙමින් විවිධ ඖෂධ හා එන්නත් නිපදවීමට පියවර ගත්තේය. ඒවා ජගත් ප්‍රජාව වෙත බෙදාහැරීමට සඳහාත් නිසි කලට පියවර ගැනුණු බව රුබේරු මහතා පෙන්වාදෙයි.

චීනය වසංගත පාලන ප්‍රතිපත්ති ලිහිල් කිරීමට පියවර ගන්නේ ද ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් සහිතවයි. වසංගතය දරුණු ලෙස පැතිර ගිය කාලයේත් එම තත්ත්ව මනාව අවබෝධ කරගනිමින් ශීත ඍතු ඔලිම්පික් උළෙල, ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වැනි දැවැන්ත ඉසව් කළමනාකරණය කරගත් චීනයට, වසර තුනක අත්දැකීම් පාදක කරගනිමින් වසංගත ප්‍රතිපත්ති ලිහිල් කිරීම ද ක්‍රමානුකූලව මෙහෙයවා ගත හැකිවනු ඇති බවට ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම