ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂක පනතක්
2023-01-11 15:49:28
Share with:
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාතික ආරක්ෂක පනත යනුවෙන් වෙනස් කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා වෙත භාර දීම සිදු කෙරේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂක පනතක් කෙටුම්පත් කිරීම සඳහා අතිරේකජසොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරිල් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව පත්කරන ජලද විශේෂඥ කමිටුව විසින් කෙටුම්පත් කළ ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත එලෙස භාර දී තිබේ.