කැනඩාව පැනවූ සම්බාධකයන්‍ට විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි
2023-01-11 15:55:13
Share with:

 ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට සිය විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි.

නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (11) පෙරවරුවේ මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවනු ලැබීය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනඩා රජය ඊයේ (10) නිවේදනය කළේය.

කැනඩා රජය පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට හා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට එරෙහිව සම්බාධක පනවන බවය.

1983 සිට 2009 දක්වා පැවති මෙරට සිවිල් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ බවට චෝදනා කරමින් කැනඩා රජය මෙලෙස සම්බාධක පනවා තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම