ඇමරිකා-ජපාන ද්විපාර්ශවික යුධමය සහයෝගීතාව තෙවන පාර්ශවයන්ගේ අයිතිවාසිකම්වලට හානියක් නොකළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
2023-01-11 10:01:23
Share with:

ඇමරිකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශවික යුධමය සහයෝගීතාව තෙවන පාර්ශවයන්ගේ අයිතිවාසිකම්වලට හානියක් නොවීම සහතික කළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා ඊයේ(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාව 2026 දී පමණ ජපානයේ ඔකිනාවා දූපත්වල මිසයිල සහ සැහැල්ලු උපකරණ සහිත නාවික හමුදා ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති අතර, එහි අරමුණ චීන හමුදාවට තර්ජනය කිරීම බව ජපාන Yomiuri Shinbun පුවත්පත ද වාර්තා කළේය.

ඇමරිකාව හා ජපානය ද්විපාර්ශවික යුධමය සහයෝගීතාව පැවැත්වීම තෙවන පාර්ශවයන්ගේ අයිතිවාසිකම්වලට සහ කලාපීය සාමයට කිසිදු හානියක් නොවීම සහතික විය යුතු බව වං වෙන් බින් මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම