ඇමරිකාවේ දී යුක්‍රේන හමුදා භටයින්ට මිසයිල නාශක පද්ධතිය පිළිබඳ විශේෂ පුහුණුවක්
2023-01-11 09:46:02
Share with:

යුක්‍රේන හමුදා භටයින් සිය දෙනෙකු පමණ ලබන සතියේ ඇමරිකාවට පැමිණ පුහුණුව ලබා ගන්නා බව ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම යුක්‍රේන හමුදා භටයින් මාස කිහිපයක්ම, පේට්‍රියට් මිසයිල නාශක පද්ධතිය පිළිබඳ විශේෂ පුහුණුව ලබා ගැනීමට සූදානම් බව ද ප්‍රකාශ කෙරේ. යුක්‍රේනයට පේට්‍රියට් මිසයිල නාශක පද්ධතිය ලබා දෙන බව පසුගිය දෙසැම්බර් මාසයේ ඇමරිකාව ප්‍රකාශ කර තිබිණ. එම පද්ධතිය මගින් කෲස් මිසයිල‍, කෙටි දුරස්ථ මිසයිල හා ගුවන් යානාවලට සාර්ථකව පහර දිය හැකි බව ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක්  පැවසීය. 

මේ පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් මහතා සඳහන් කළේ රුසියානු හමුදාවට ඇමරිකාවේ මෙම දියුණුම මිසයිල නාශක පද්ධතිය විනාශ කිරීමට හැකි බව තමා විශ්වාස කරන බවයි.

රුසියානු යුක්‍රේන අර්බුදය ආරම්භ වීමෙන් පසුව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් යුක්‍රේනයට විශාල පරිමාණයෙන් හමුදාමය අනුබලය දක්වමින් තත්ත්වය තවදුරටත් උග්‍රකරවීමට කටයුතු කර ඇත. එලෙස එම රටවල් සටනට මැදිහත්වීම සම්බන්ධයෙන් රුසියාව අවස්ථා කිහිපයකදීම චෝදනා ඉදිරිපත් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම