චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 20වන මධ්‍යම කොමිසමේ 2වන පූර්ණ සැසිවාරයේ ප්‍රකාශනය නිකුත් කෙරේ
2023-01-11 17:20:37
Share with:

එම ප්‍රකාශනය ඊයේ(10) පැවති 20 වැනි මධ්‍යම කොමිසමේ දෙවන පූර්ණ සැසිවාරයේදී සම්මත කෙරිණ.

20 වැනි මධ්‍යම කොමිසමේ දෙවන පූර්ණ සැසිවාරය 9වැනිදා සහ 10වැනිදා බෙයිජීංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එම සැසියට එක්වී වැදගත් දේශනයක්  සිදු කළේය.

පක්‍ෂය දැඩිව පාලනය කිරීම සඳහා වූ ක්‍රමය නොසැලී අඛණ්ඩව වැඩිදියුණු කිරීම පිළිබඳ පක්‍ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ උපායමාර්ගික සැලැස්ම මනාව ක්‍රියාවට නංවා , පක්ෂය සහ ජනතාව  පවරා ඇති මෙහෙවර සහ වගකීම වඩාත් හොඳින් ඉටු කළ යුතු බව එම පූර්ණ සැසිවාරයේ දී අවධාරණය කෙරිණ.

පක්‍ෂයේ හැසිරීම, පවිත්‍ර පාලනය සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වන උත්සාහයන් නවීන සමාජවාදී රටක් සර්ව සම්පූර්ණ ලෙස ගොඩනැගීමේ යහපත් ආරම්භයක් සඳහා ප්‍රබල සහතිකයක් සපයනු ඇත.

ෂී ජින් පිං මහතා ප්‍රමුඛ කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වටා වඩාත් සමීපව ඒකරාශී ව සාමූහිකව කටයුතු කරන ලෙසත්, නවීන සමාජවාදී රටක් සර්ව සම්පූර්ණ ආකාරයකින් ගොඩනගා, චීන ජාතියේ මහා පුනර්ජීවනය සර්ව කාලීනව ප්‍රවර්ධනය කිරීමට එක්ව ක්‍රියා කරන ලෙසත් එම පූර්ණ සැසිය ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම